නෝර්වීජියාවෙන් තාක්ෂණික ආධාර

August 15, 2016

මෙරට ජල විදුලි නිෂ්පාදනය, ධීවර කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණය දියුණු කිරීම සඳහා තාක්ෂණික ආධාර ලබාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමට නෝර්විජියානු අගමැතිනිය එකඟතාවය පළකර ඇත.

සංචාරයක් සඳහා මෙරටට පැමිණි නොර්වේජියානු අගමැතිනි එර්නා සෝර්බර්ග් (Erna Solberg) මහත්මිය සහ නියෝජිත පිරිස පසුගිය 12වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළකර තිබේ.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි නෝර්වේ අගමැතිවරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගත් අතර අනතුරුව නායකයින් අතර ද්වි පාර්ශවික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ නෝර්වේ රජය අතර ඉතිහාසයේ පටන් පවතින මිත්‍ර සබඳතා මෙහිදී සිහිපත් කළ නායකයින් දෙරට අතර එම සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනිම පිලිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර දෙරටේ නව සබඳතා සඳහා මෙම හමුව ඓතිහාසික අවස්ථාවක් බවද සඳහන් කළහ.

වත්මන් රජය සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය කෙරෙහි තබන පියවර පිලිබඳව සිය ප්‍රශංසාව පළකළ නෝර්විජියානු අගමැතිවරිය ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ස්වභාව සෞන්දර්ය හා ආගන්තුක සත්කාර පිලිබඳව සිය සතුට පළ කරමින් නොර්වේ රටෙහි ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළාය.

ශ්‍රී ලංකාව මේ වනවිට මැදි ආදායම් ලබන රටක් බවට පත්වී තිබෙන බැවින් මූල්‍ය ආධාර ලබාගැනීමට වඩා තාක්ෂණික හා වානිජමය සහයෝගීතාවයට ප්‍රමුඛත්වය ලබාදියයුතු බව ද නෝර්විජියානු අගමැතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p