යෝෂිතගේ රුපියල් කෝටි 15 ක් රාජ සන්තක වේ

August 11, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහගාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට  අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා  ඊයේ (10) නියෝග කළේය.

කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හා (සිඑස්එන්) නාළිකාවට මුදල් ලැබුණු  ආකාරය හෙළි නොකිරිමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරික්ෂණ පවත්වන පොලිසිය ඊයේ  මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසුවේ යෝෂිතගේ සමීපතම මිතුරෙකු බව කියන රොහාන්ගේ බැංකු ගිණුම පිරික්සිමේ දී  රුපියල් මිලියන 158 කට අධික එම මුදල තමාගේ නොව යෝෂිතගේ බව කියු බවයි.

ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉල්ලා සිටියේ මෙම මුදල් රාජසන්තක කරන ලෙසයි. එම ඉල්ලිම සලකා බැලූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා  එම මුදල් රාජසන්තක කළේය. යෝෂිත රාජපක්ෂ සිඑස්එන් නාලිකාවේ රොහාන් වැලිවිට,කවිශාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු හා නිශාන්ත රණතුංග යන නඩුවේ සැකකරුවෝ ඇප මත මුදා හැර සිටිති.

සීඑස්එන් නාළිකාවේ රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනයෙන් කොටසක් ව්‍යාජ ගනුදෙනු හා නිත්‍යනුකුල නොවන ආකාරයෙන් ද කුට ලේඛන මගින් ද රේගු හා සමාගම් පනතට පටහැනි ලෙසින් ද සාපරාධි ලෙස පරිහරණය කර ඇතැයි ද පොලිසිය අධිකරණයට  දැන්වීය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p