ගල් අගුරු ගණුදෙනුවෙන් පාඩුවක් නැහැ – ඇමති සියඹලාපිටිය

August 10, 2016

විශාල ආන්දෝලනයක් ඇති කළ ගල් අගුරු ගණුදෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට පැහැදිලි ලාභයක් සිදු ව තිබෙන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළේය.
දිර්ඝ කාලීන හා ක්ෂණික මිළදී ගැනීම් ටෙන්ඩර් ක්‍රමය යන ක්‍රම දෙක යටතේ මිළදී ගත් සමස්ථ ගල් අගුරු ප්‍රමාණය සඳහා ගෙවන ලද සම්පූර්ණ මුදල සලකා බැලීමේදී රජයට අනිවාර්යයෙන්ම මුල්‍ය වාසියක් ඇති බව ගල් අගුරු ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රි පුද්ගල කමිටු වාර්තාවෙන් පැහැදිලි වන බවද ඇමතිවරයා කීවේය.
ගල් අගුරු මිළදී ගැනීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විද්වත් කමිටු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මේ බව පැවසීය.
මහාචාර්ය විද්‍යාජෝති කේ. කේ. වයි. ඩබ්ලිව්. පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල හා මහාචාර්ය ජනක ඒකනායක යන මහත්වරුන් කටයුතු කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම මිළදි ගැනිම් ක්‍රම දෙක මගින් ගල් අගුරු මිළදි ගැනීමෙන් පසුගිය වසර තුළ ඇමරිකන් ඩොලර් දශ ලක්ෂ 7.6 ක මුදලක් ඉතිරි වි ඇති බවත් මෙම ක්‍රම දෙක යොදා ගනිමින් මිශ්‍ර ප්‍රසම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා පැවසීය. මෙම ක්‍රමය තුළින් ගල් අගුරු සැපයුම් සුරක්ෂිතතාවය ඇති කිරිමට හා සැපයුම් මුලාශ්‍ර ගණනය වැඩි කිරිමට හැකිව ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
ගල් අගුරු සංදහා ගෙවන මිළ පදනම් වන්නේ නැව් ගත කරන අවස්ථාවේදී පැවැති දර්ශක මිළ මත වුව ද ගල් අඟුරු තොග විවිධ රටවලින් එනම් ඉන්දුනිසියාව, දකුණු අප්‍රිකාව ඕස්ටේ්‍රලියාව, රුසියාව වැනි රටවලින් නැව් ගත කරනු ලබන බැවින් ගල් අඟුරු මිළ තීරණය කිරිම සඳහා සංයුක්ත දර්ශකයක් භාවිතා කිරිම සුදුසු බවටද කමිටුව යෝජනා කර ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p