ඇවන්ගාඩ් ගැන සාගල පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

August 10, 2016

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් පවතින පරික්ෂණ සංකීර්ණ බැවින් එම පරික්ෂණ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවා සියලූ තොරතුරු සභාවට ඉදිරිපත් කරනා බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළේය.
ඇවන්ගාඩ් සමාගම යටතේ ගාල්ල වරායේ නවතා තිබු මහනුවර නෞකාවේ තිබි සෙයාගත් ගිනි අවි 3005 ක් හා උණ්ඩ 721882, ගාල්ල දක්ෂිණ ලංකා කඳවුරේ ඇවන්ගාඩ් සමාගම විසින් ස්ථාපිත කර තිබූ කන්ටේනර් 03 ක තිබු ගිනි අවි 149 ක් හා උණ්ඩ 25977 ක් කිසිදු තැනැත්තෙකුට හෝ ආයතනයකට නීති ප්‍රකාරව භාරදී තිබූ බවට විමර්ශනයේදී කරුණු අනාවරණය නොවූ බවද ඇමතිවරයා සඳහන් කළේය.
ගිනි අවි හා උණ්ඩ නිකුත් කළේ කුවන පුද්ගලයෙකු ගේ නියමය පරිදිද යන්න නිශ්චිතව හෙළව නැතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයරාජපක්ෂ මහතා විසින් ලබාදී ඇති අනුමැතිය ප්‍රකාරව මේවා නිකුත් කර ඇති බව විමර්ශනවලින් අනාවරණයව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණේ කලූතර දිස්ත්‍රික් මන්ත්‍රී ෙදාස්තර නලින්ද ජයතිස්ස මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p