පෝට් සිටිය පාලනයට සංස්ථාවක් රජය තීරණය කරයි

August 10, 2016

ශ්‍රී ලංකා ආණ්ඩුව යටතේ ස්ථාපිත කෙරෙනා චින නිලධාරින්ද සිටිනා සංස්ථාවක් මගින් කොළඹවරාය නගරයේ පාලනය පවත්වාගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (10) ප්‍රකාශ කළේය.
කොළඹවරාය නගරයේ සියලූ සේවා සැපයිම් කොළඹමහ නගර සභාව මගින් සිදු කරනා බවද පැවසු අගමැතිවරයා පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත සංස්ථාවක් මගින් පාලන කටයුතු කරනා බවද කීවේය. හෙක්ටයාර 260 ක පෝට් සිටි භුමියේ ගිය රජය යටතේ ඉදිකිරිමට යෝජනා කර තිබු නයිට් රේස් පිටිය හා කැසිනෝ නගරය ඉන් ඉවත් කිරිමට කටයුතු කළ බවද ඔහු පැවසූවේය. චින වරාය නගරය සම්බන්ධයෙන් අලූතින් පරිසර අධ්‍යයන වාර්තාවක් ලබාගත් බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
සෑම මසකම පළමු සතියේ ඇති මන්ත්‍රීවරුන්ට අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසිමේ අවස්ථාවට එක් වෙමින් අගමැතිවරයා මේ බව කීවේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදි අනුර කුමාර දිසානායක මහතා “වරාය නගරය කුමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටද අයත් වෙන්නේ. කුමන පළාත් පාලන ආයතනය යටතේද මෙය පාලනය වන්නේ යැයි විමසා සිටියේය.
අගමැති – ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ යටතට නොගැනෙන ආයතන තිබෙනවා. විල්පත්තුව යාල වැනි ස්ථාන පළාත් පාලන ආයතනයක් යටතට ගැනෙන්නේ නැහැ. මෙය පාලනය කරන්නේ පාර්ලිමේන්තුව අනුමත කළ සංස්ථාවක් මගින්.
විපක්ෂ සංවිධායක – විල්පත්තුවේ මුවෝ අලි ඉන්නවා යාලේ කිwුල්ලූ ඉන්නවා. ඔවුන්ට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකින් කරගන්න දෙයක් නැහැ. නමුත් මෙහි සිටින්නේ මිනිස්සු ඒ අයට අයිතිවාසිකම් තියෙනවා. ඡන්ද හිමි නාමලේඛනවලට ඇතුළත් වෙන්න අවස්ථාව තියෙන්න නම් කුමන පළාත් පාලන ඒකකයකටද ඔවුන් යටත් වෙන්නේ කියලා දැන ගන්න ඕනේ. මේක භුමිය සතු ව්‍යාපෘතියක්.
අගමැති – මෙය පාලනය වෙන්නේ සංස්ථාවකින්. සේවා සපයන්නේ කොළඹ මහ නගර සභාව…. අද තියෙන වෙළෙද කලාප පාලනය වන්නේ අයෝජන මණ්ඩලය යටතේයි. ඒවායේ සිටින සේවකයින් ඡන්දය දාන්න ඔවුන්ගේ ගමට යනවා. පෝට් සිටියේ වැඩකරන ශ්‍රී ලාංකිකයන්ටත් ඒ වගේ කොළඹනගර සභාව යටතේ ලියාපදිංචි වී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. කොළඹනගර සභාව වතුර දෙනවා කැලි කසල සංස්ථාව මගින් ඉවත් කරනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p