හනුමා පාලමක් අපට අවශ්‍ය නැහැ – අගමැති

August 10, 2016

ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරමින් හනුමා පාලමක් ඉදිකිරිමට අවශ්‍යතාවයක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (10) ප්‍රකාශ කළේය.
ර්‍ණ අපට පාලම් ඕන නැහැ… පාලම් හදන්න යන්නේ කොමිස් ගන්න අයයි…. සියයට තිහක කොමිස් දෙනවා නම් පාලම් එකක් නොවෙයි….. ෙදාළහක් හරි හදයි යනුවෙන් අගමැතිවරයා සඳහන් කළේය. මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය සමයේ මේ කට්ටිය ලංකාවේ හිටියා නම් ඉන්දියන් කාරයෝ අපට එපා කියා එලවා දමාවි යයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
එටකා ගිවිසුම අත්සන් කිරිම සඳහා ඉන්දියානු වාණිජ කටයුතු ඇමතිවරිය ඉදිරියේදි ලංකාවට පැමිණෙන බව කී අගමැතිවරයා මෙම ගිවිසුම අත්සන් කරන්නේ ලංකාවේ නිෂ්පාදන සඳහා වෙළෙද පොලක් ඉදිකිරිමට බවද සඳහන් කළේය.
ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම අත්සන් කිරිමට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බවද කීවේය. ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කරනුයේ ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂ ගණනක රැකියා ඇති කිරිමට බවත් ඉන්දියානුවන්ට මෙරට රැකියා කිරිමට පැමිණිමට අවස්ථාව හිමි වන්නේ නැති බවත් අගමැතිවරයා පැවසීය.
පැවති ආණ්ඩුව සමයේ ඉන්දියානුවන්, බංග්ලාදේශ, නේපාල හා චින ජාතිකයන් මෙරට වැඩකළ බවද හෙතෙම කීවේය. නමුත් වත්මන් රජය යටතේ එලෙස පැමිණ රැකියා කිරිමට අවස්ථාවක් හිමිවන්නේ නැතැයිද අගමැතිවරයා පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජයන්ත සමරවිර මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p