වැට් පනත ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරලා – කතානායක

August 9, 2016

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගයන්හි නියමිත ක්‍රමවේදයට අනුව ඉදිරිපත්ව නැති හෙයින් එම පනත බල රහිත වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රකාශ කළේය.
වැට් බදු පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව ප්‍රකාශයට පත් කරමින් කතානායකවරයා මෙසේද කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී තිබෙනවා.
අදාළ පනතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තියට සහ ස්ථාවර නියෝග 133 ප්‍රකාරව කටයුතු කිරිම අත්‍යාවශ්‍ය වන අතර අදාළ පටිපාටීන් අනුගමනය කිරිමට අපොහොසත් වන අවස්ථාවකදී සමස්ත ක්‍රියාවලියම බලරහිත බවට පත් වන බව අධිකරණයේ මතයවේ.
අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 (2) හා 152 අනුව අනුගමනය කළයුතු නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර ඇති හෙයින් ව්‍යවස්ථාවේ 120, 121 වගන්ති සමඟ කියැවෙන 123 හා 152 වගන්ති සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේ අදාළ පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ලබාදිම අධිකරණය සිදු නොකරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p