සරත් ෆොන්සේකාට රුපියල් කෝටි 59 ක් ඉල්ලයි

August 9, 2016

ප්‍රාදේශිය සංවර්ධන ඇමතිවරයාට හා අමාත්‍යාංශයේ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59 ක මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය පරිපූරක අස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කළේය.
ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පුද්ගල පඩි නඩ්, ගමන් වියදම්, කාර්යාලීය අවශ්‍යතා ආදි පුනරාවර්තන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 46 ක මුදලක්ද, ගොඩනැගිලි වාහන ආදි මූලධන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 12 ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.
මෙය ඉදිරියේදි සම්මත විමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p