පොලිස් ලොක්කාගේ මැණික් ජාවාරම ගැන පරික්ෂණ

August 8, 2016

කැළණි ගගේ කොස්ගම ප්‍රදේශය ආශ්‍රිතව පොලිස් විශේෂ ඒකකයක ලොක්කෙකුගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන මහා පරිමාණයේ මැණික් ගැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
සීතාවක කොට්ඨාශය භාර පොලිස් ප්‍රධානියා සහ පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ ඒකකය විසින් එම මැණික් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට යැවූ රහස් වාර්තාවකට අනුව එම විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් ලොක්කාගේ බිරිදගේ  ඥාතියෙකු කැළණි ගඟ ආසන්නයේ ජිවත් වන අතර එම  ඥාතියාගේ ගෙවත්තට බැකෝ යන්ත්‍ර යොදා ගගෙන් පස් ඇද එම වත්තේ සිට මැණික් ගැරීමේ කටයුතු කරගෙන ගොස් ඇති බව මෙම පොලිස් වාර්තාවෙන් දක්වා ඇත.
ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරින් මෙන්ම ආයුධ සන්නද්ධ සිවිල් නිලධාරින්ද මේ ප්‍රදේශයට යොදවා ආරක්ෂක ස්ථානයක් ලෙස ප්‍රදේශයට පෙන්වමින් මැණික් ගැරීමේ කටයුතු ජයටම කරගෙන ගොස් ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p