බැඳුම්කර වංචාවට වගකිවයුත්තා ළඟදීම හෙළිවේ…..

August 7, 2016

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට වගකිව යුත්තා කවුරුද යන්න මෙම මස අවසානයේ දී රටට හෙළි කිරීමට කටයුතු කරන බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) ආරංචි මාර්ග පවසයි.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කළ විමර්ශනයට අදාළ කෝප් වාර්තාව මෙම මාසය අවසන්වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවට අනුව තවදුරටත් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මෙම 12 වැනිදා ද මහ බැංකුවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයිද කොප් කමිටු සාමාජිකයෙකු පැවසී ය.

දැනටමත් මෙම ගනුදෙනුව සම්බන්ධ බොහෝ කරුණු කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබෙන බවද ඒ අනුව ඊට අදාළ වගකිවයුත්තන් කවුරුන්ද යන්න මෙම මස අවසානයේ දී රටට හෙළි කිරීමට හැකිවනු ඇතැයිද වාර්තා වේ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p