බලය බෙදීමේ විසඳුමක් ගැන විශේෂ සම්මන්ත්‍රණයක්

August 7, 2016

පළාත් සභා බලය බෙදීම සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් විශේෂ සම්මන්ත්‍රණයක් මීගමුව ප්‍රදේශයේදී අද(07) පැවැත්වීමට නියමිතව තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය  මගින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇති අතර  මෙහිදී පළාත් සභා නියෝජිතයින් දැනුම්වත් කිරීමට නියමිතය.

ඒ අනුව පළාත් සභා ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු, විපක්ෂ නායකයින් මෙන්ම මන්ත්‍රීවරුන් ද ඊට සහභාගී වනු ඇත.

පළාත් සභා බලය බෙදීම සම්බන්ධයෙන් පොදු නිර්දේශ මාලාවක් සකස් කර ඒවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ලබාදීම එම සම්මන්ත්‍රණයේ අරමුණ වී තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p