මහින්දගේ ප්‍රජා අයිතිය අහිමි කිරිමට කොමිසමක්

August 6, 2016

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය දෙකඩ කිරිමට ඉකුත් රාජපක්ෂ පාලන සමයේ ගත් උත්සාහයක් සම්බන්ධයෙන් පළවන කරුණු කාරනා සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පිරිසක් තීරණය කර ඇත.
යම් කෙනෙක් මෙරට සංඝ පාර්ශවයක් බේද බින්න කිරිමට උත්සාහ කළේ නම් එම වරද ප්‍රජා අයිතිය අහෝසිවීමට තරම් වරදක් බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ.
මල්වතු පාර්ශවය බේද කිරිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් උත්සාහයේ සියලූ තොරතුරු තමන්ට ලැබි ඇති බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ පසු මල්වතු පාර්ශවය දෙකඩ කිරිමට ගත් උත්සාහයට අදාලව තමන් සතු සියලූ තොරතුරු පෞද්ගලිකවම එම කොමිසමට ඉදිරිපත් කරනා බවද ඇමති කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p