ඔලිම්පික් උළෙලට සුදානම් වන බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර

August 5, 2016

31 ඔලිම්පික් උළෙල බ්‍රසිල් ජාතිකයන්ට පමණක් නොව දකුණු ඇමෙරිකානු සියළුම රටවල් වලට එය වැදගත් උත්සවයකි.  වසර 120 කට පසුව දකුණු ඇමෙරිකානු රටකට ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට වරම් හිමිව ඇත. විශාලත්වය අතින් ලොව පස්වන ස්ථානයෙහි පසුවන බ්‍රසීලය ලංකාව මෙන් 130 ගුණයකින් පමණ විශාලය. සීනි , කෝපි වැනි කෘෂිකාර්මික බෝග වලට ලොව අංක 1 ස්ථානයක් හිමිකරගැනීමට බ්‍රසීලය සමත්ව ඇත. 2014 වසරේදී ලෝක පාපන්දු ශුරතාවලිය බ්‍රසීලයේදී පැවැත්විණි. එමෙන්ම 2016 දී ඔලිම්පික් සත්කාරක රට වශයෙන් බ්‍රසීලය ලොව ප්‍රසිද්දියට පත්වී ඇත.  බ්‍රසීලයේ විශාලමතම නගරය වන්නේ සාල්පවොලෝ නගරයයි. එමෙන්ම රියෝ ඔලිම්පික් සඳහා අලුතෙන් රටවල් දෙකක්  එක්වී ඇත. එම රටවල් කොසෝවා සහ සුඩානයයි. මෙම තරඟය සඳහා වියදම ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ලෙස ගණන් බලා ඇත. මේ වන විටත් ප්‍රවේශපත්‍ර මිලියන 7.5 ක් පමණ අලෙවි වී ඇති අතර එයින් මිල අධික ටිකට් පත ඩොලර් 3000 ක් පමණ වේ. විදේශිකයන් ලක්ෂ පහක ප්‍රමාණයක්වත් පැමිණෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් සිටී. මෙහි ආරක්ෂාව දැඩිලෙස තරකර ඇති අතර විශේෂයෙන් ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වෙන කලාප තුල පොලීසිය, හමුදාව ඇතුළු විශේෂ ආරක්ෂක කණ්ඩායම් යොදවා ඇත. එම කාර්යයන් සඳහා යොදවා ඇති ආරක්ෂක සෙබළුන් සංඛ්‍යාව 41000  සහ පොලිස් භටයන් 47000 ක් ඉක්මවා ඇත.

බ්‍රසීලය නිලවශයෙන් හඳුන්වනු ලබන්නේ බ්‍රසීල සමුහාණ්ඩු සංවිධානය ලෙසයි. එහි ප්‍රධාන භාෂාව පෘතුගීසි භාෂාව වේ. බ්‍රසීලයේ සුදු ජාතික  ජනගහනය 47.7 % ක් වන අතර පාර්ඩෝ ජාතිකයන් 43.1% ක් සහ කළු ජාතිකයන් 7.6% ක් ද ආසියානු ජාතිකයන් 1% ජීවත්වන අතර

වෙනත් ජාතිකයන් සුළු වශයෙන් ජීවත් වේ. මෙහි ජාතිනාමය බ්‍රසීලය වන අතර  අගනුවර බ්‍රසීලියා  යනුවෙන් හඳුන්වනු ලබනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සහ සමාප්ති උත්සවය සුප්‍රකට මරකානා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.එහි ආසන 78000 කට පමණ පහසුකම් සලසා ඇත. මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවන රටවල් සංඛ්‍යාව 206 ක් පමණ වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10500 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය. මෙවර රියෝ ඔලිම්පික් උළෙල දින 17 ක් මුළුල්ලෙහි පැවැත්වීමට නියමිත අතර ආරම්භක දිනය අගෝස්තු 5 වනදා වන අතර 21 වනදා සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය. එහි තරඟ ඉසව් 306 සහ ක්‍රීඩා ගණන 42 ක් වේ. ඒ සඳහා ක්‍රීඩාගාර 33 ක් රියෝ  ද ජනයිරෝ නුවර සුදානම්කොට ඇත. ඔවුන්ට සත්කාර කිරීම සඳහා සේවකයන් 90000 ක් ද ස්වේච්ඡා සේවකයන් 50000 ක් පමණ යොදවා ඇත. මේ දිනවල ලොව පුරා සිටින ක්‍රීඩා මාධ්‍යවේදීන් රියෝ ද ජනෙයිරෝ නුවරට පැමිණෙන අතර එහි අවශ්‍ය පහසුකම් සඳහා එම නුවර ගුවන්තොටුපොලවල්වල විශේෂ පහසුකම්ද සලසා ඇත. එමෙන්ම එහි ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයට ලොවපුරා සිටින මාධ්‍යවේදීන් පැමිණෙමින් පවතී. හැඳුනුම්පත් ලබාදීම, නවාතැන් පහසුකම් සහ ප්‍රවාහණ පහසුකම් එමෙන්ම මාධ්‍ය කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය තොරතුරු මෙන්ම සන්නිවේදන උපකරණද සපයාදීමට ඔවුන් කටයුතු කරනවා. විශේෂයෙන් විදේශීය රටවල් වලින් පැමිණෙන පුද්ගලයින් සඳහා නවාතැන් පහසුකම් මෙන්ම අනෙකුත් සියළුම පහසුකම් සපයාගැනීම සඳහා සහයෝගය බ්‍රසීල රජය විසින් සපයා තිබෙනවා. ඔලිම්පික් උළෙල වෙනුවෙන් බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර විශාල උද්යෝගයක් දැකගත හැකිවෙනවා.
olumpic 3 olympic 1 olympic 2 olympic 4

Sammy

Previous story Next story

Leave a comment

t

o

p