ව්‍යාජ කොන්ත්‍රාත් ගත් පොලිස් ලොක්කාට වැඩ වරදින ලකුණු

August 5, 2016

පොලිස් ගොඩනැගිලි අලූත් වැඩියා කරන බවට ව්‍යාජ කොන්ත‍්‍රාත්කරුවෙක් ඉදිරිපත්කර රුපියල් මිලියන දෙකකට අධික මූල්‍ය වංචාවක නිරතවූ බව සදහන් පොලිස් ප‍්‍රධානියෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන එ්කකය පරීක්‍ෂණයක් ආරම්භකර තිබේ.
වයඹ පළාතේ පොලිස් කොට්ඨාශයක මෙම මූල්‍ය වංචාව සිදුවී ඇති අතර දැන් එම පොලිස් ප‍්‍රධානියා වයඹ පළාතේ සේවයේ නොමැති බව පොලිස් මූලස්ථාන තොරතුරු සදහන් කළේය.
පොලිස් අධිකාරී කාර්යාලයේත් සහකාර පොලිස් අධීකාරී කාර්යාලයේත් තවත් කාර්යාල කිහිපයකත් අලූත් වැඩියා සදහා යැයි කියමින් එකී මූල්‍ය වංචාව සිදුකර ඇති බව මූලික විමර්ශන වලින් අනාවරණය වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවේය.
එකී ගොඩනැගිලි අලූත්වැඩියාවට කොන්ත‍්‍රාත්කරුවෙකු නාමිකව ඉදිරිපත්කරමින් ඔහුගේ නමින් චෙක් පත් නිකුත්කරමින් වංචාව සිදුකර තිබෙන බවත් කොන්ත‍්‍රාත්කරු එවන් අලූත්වැඩියාවකට සම්බන්ධ වී නැති බව සදහන් කරන බවත් එම නිලදාරියා කීවේය.
මෙහිදී සිදුවී ඇත්තේ පොදු දේපොල වංචා කිරීමක් බැවින් අදාල පොලිස් ප‍්‍රධානියාට එරෙහිව පොදු දේපොල පනතින් කටයුතු කිරීමට පියවර ගන්නා බව පොලිස් විශේෂ විමර්ශන එ්කකය සදහන් කරයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p