ඉන්දියාවේ තෝමස් කුක් ලංකාව ගෑන උනන්දුවෙන්

August 4, 2016

ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක කර්මාන්තය සම්බන්ධිත මූල්‍ය සේවා සමාගමක් වන Thomas Cook (India) Ltd, මෙරට සම්මේලන කාර්යාංශය හා ශ්‍රීලංකන් ගුවන් සේවය එක්ව ප්‍රමුඛ පෙළේ ආයතනික හමුවක් සංවිධානය කර තිබේ. ඉන්දියානු MICE (Meetings, Incentives, Conferences, Events) සංචාරකයින් මෙම හමුවේ ප්‍රමුඛ ඉලක්කය වී තෝමස් කුක් ඉන්දියා සමාගම කියා සිටී.

ඉන්දියාවේ මධ්‍ය හා මහා පරිමාණ සමාගම් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන හමුවීම්, ප්‍රවර්ධන, සම්මන්ත්‍රණ හා ඉසව් ඉලක්ක කරගනිමින් මෙම හමුව පවත්වා ඇත. ඉන්දියානු MICE සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව වඩාත් ඵලදායී ගමනාන්තයක් බවට මේ වන විට පත්ව තිබේ.

පසුගිය වසර 6 තුළ ඉන්දියානු MICE සංචාරකයින් 233,000 ක් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තොරතුරු අනුව අනාවරණය වී තිබේ. ගෙවී ගිය වසර 3 ක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන MICE සංචාරකයින්ගේ වර්ධනය වාර්ෂිකව 15-20% දක්වා වන බව ද මෙහිදී සඳහන් වේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p