ඉවසුවා ඈති…

August 4, 2016

දැන් ඉවසුවා හොඳටම ඇති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සිය අමාත්‍යංශයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ ශ්‍රීලනිපය දෙකඩ නොවී රැක ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත් බවයි.

රජෙක් වගේ සිටි මහින්ද රාජපක්ෂ රතු පලසින් තාර පාරට දමාගෙන සිදුකරන මෙම ක්‍රියාදාමය තවදුරටත් බලා සිටිය නොහැකි බව ඔහු කීවේය.

එසේම දිගින් දිගටම පක්ෂයට හානිවන ආකාරයට කටයුතු කිරීමත්, එහි වාසිය එජාපයට ලැබීමත් නිසා දැඩි තීන්දු ගැනීමට සිදුවන බවත්, ඒ මහතා පැවසීය.

තවමත් පක්ෂය රැක ගැනීමට උත්සාහ කරන බවද පැවසූ අමාත්‍යවරයා අද සවස පැවැත්වෙන සාකච්ඡාවට පාද යාත්‍රාවට එක්වූ මන්ත්‍රීන්ට ද ආරාධනා කර ඇති බව කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p