බොරැලැස්ගමුවේ වෙඩිතැබීමක්

August 3, 2016

බොරලැස්ගමුව, කටුවාවල පන්සල අසළදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා යතුරුපැදියකින් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු බව සඳහන්ය.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p