අසියාවේ දියුණුවට මූලික වන්නේ අන්තර් වෙ‍ළදාමයි – අගමැති

August 2, 2016

සමස්ත ආසියානු කලාපයේම වර්ධනයට තුඩුදෙන මූලික සාධකය වන්නේ මීලඟ සියවසේදී අන්තර් ආසියාතික වෙළෙදාම පුළුල් කිරීම බව අප අමතක නොකළ යුතුයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දුනීසියාවේ ජකර්තා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී අද (02) මුළු දුන් 12 වන ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුවේ සමාරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉදිරි දශකයේදී අන්තර් ආසියානු වෙළෙඳ බාධක ඉවත් කිරීමේ වැදගත් පියවර සිදුවන බව අපට දක්නට ඇති බව පැවසු අග්‍රාමාත්‍යවරයා මෙය මුලික වශයෙන් ආසියානු අපනයනවලට බටහිර ලෝකයේ ඉල්ලූම අඩුවීමට ප්‍රතිචාරයක් යැයි ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන අභිලාශයක් වූයේ ඉන්දිය සාගරයේ භු ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීම බවත් මේ බලාපොරොත්තුව සහිතව, යටිතල පහසුකම් සඳහා වූ දැවැන්ත සැල්ස්මක් හා බැඳුණු මහා පරිමාණ ආර්ථික ප්‍රතිසංස්කරණ සමුදායක් හඳුන්වාදීමට අප ක්‍රියා කරනා බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
“ප්‍රයත්නයන් සමුදායක් මගින් අපේ රටේ වෙළදාම නිදහස් කරලීමේ වැඩසටහන අප ඉදිරියට ගෙනයනවා. ලෝකයේ ප්‍රධාන වෙළඳ පොලවල් කරා පිවිසිය හැකි අන්දමේ ද්විපාර්ශවික ගිවිසුම් ගණනාවක් සකස් කිරීමේ ප්‍රයත්නයන්ට අපි මුල පුරා තියෙනවා. මෙමගින් පවත්නා ගෝලීය ප්‍රතිපත්ති සංරෝධක අතරින් උපරිම නිදහස නෙලා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇති ” යැයිද මෙහිදි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අපේ ඓතිහාසික වෙ‍ළඳ පසුබිම, ගෝලීයකරණයේ බහුවිධ බලපෑම් සහ අනාගමික බටහිර රටවල ආර්ථික ක්‍රමවේද, අපිට අනන්‍ය වූ ආගමික ආචර ධර්ම හා සිරිත් විරිත්, වර්තමාන අභියෝග සහ අවස්ථා යන සියල්ලම ඉස්ලාම් සහ අනාගමික රාජ්‍යයන්හි අනාගතය සමග වෙන් කළ නොහැකි සේ බැඳී පවත්නා බ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

සමාජ සාධාරණත්වය සහ වෙළදපොල ආර්ථිකයේ සමානාත්මතාවය මෙන්ම ආගමික අන්තවාදයද කරලියට පැමිණ ඇති මෙවන් යුගයක, අපේ ජාතීන් සාරවත් කළ හැක්කේ පෙර සඳහන් කළ ක්‍රමවේදයන්ගේ සහ සංස්කෘතීන්ගේ සම්මුතියක් පිළිගනිම්න් සිදු කෙරෙන සංවාදයක් ඔස්සේ බව ර්‍ණ ද වික්‍රමසිංහ මහතා පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p