එ.ජා.ප 70 වෙනි සංවත්සරය මෙවරත් ජනපති ප්‍රධානත්වයෙන්

August 2, 2016

එක්සත් ජාතික පක්‍ෂයේ 70 වෙනි සංවත්සර උළෙල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 10 දා කැම්බල් පිටියේ දී පැවැත්වේ.
එ.ජා.ප. සංවත්සර උළෙලක්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවැත්වෙන්නේ දෙවෙනි වරට ය. එහි 69 වන සංවත්සරය ද සිරිකොතේ දී පැවැත්වුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
70 වෙනි සංවත්සරය යෙදෙන මේ මස 6 දා, සිරිකොතේ දී සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් ඇතුළු ආගමික වතාවත් සිදු කිරීමට නියමිත ය. සංවත්සර උළෙල සඳහා මහා බ්‍රිතාන්‍ය, ජපානය, ඉන්දියාව, චීනය, ජර්මනිය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වැනි රටවල දේශපාලන නායකයන් ද සහභාගි වීමට නියමිතව ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p