පාද යාත්‍රාවට සෙනඟ නැහැ හෙලිකොප්ටරයෙන් යන විට දැක්කා – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල

August 2, 2016

මහින්ද රාජපක්ෂගේ ජන සටන පාද යාත්‍රාව මෑත ඉතිහාසයේ අසාර්ථකම පාද යාත්‍රාව බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(02) ප්‍රකාශ කළේය.
පොළොන්නරුවේ උත්සවයකට ගොස් හෙළිකොප්ටරයෙන් එන විට තමාට මෙම රැස්විම නැරඹිමට හැකි වූ බව කී ඇමතිවරයා ජනතාව සිටියේ යාර සියයෙන් සියයට බව කීවේය. වැඩිපුර තිබුණේ වාහන පමණක් බවද ඔහු කියා සිටියේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදි මාධ්‍යවේදින් විමසුවේ එහි විශාල ජනකායක් සිටිනු පුවත්පත්වල ගිය ඡයාරූපවලින් දැක ගැනිමට නොහැකිවූවේද යන්නයි. මෙයට පිළිතුරු දුන් ඇමතිවරයා කියා සිටියේ අද තාක්ෂණය දියුණු නිසා ඡයාරූප මගින් ඕනෑම පින්තූරයක් අවශ්‍ය ආකාරයට සැකසිය හැකි බවයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p