විභාග ශාලාධිපති ඉවත් කරයි…

August 2, 2016

උසස් පෙළ විභාගය ඇරැඹෙන දිනයේම සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය පැයක් ප්‍රමාද වී ලබා දුන් බව කියන හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග ශාලාධිපති අද විභාගය අවසන් වූ වහාම ඉවත් කිරීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිම්.එම්.එන්. ජේ පුෂ්පකුමාර පවසා ඇත්තේ ශාලාධිපති රාජකාරියට වාර්තා කිරීමට ප්‍රමාද වී තිබුණු නිසා බවයි.

කෙසේ වෙතත් 11.30ට අවසන් වීමට නියමිත විභාගය එම සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි දහවල් 12.30 වන තෙක් පවත්වන බව ද සදහන්.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p