බැසිල් යළි රිමාන්ඩ් – ඇප අයදුම ලබන 08 දා

August 1, 2016

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාව ලබන 8 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද (1) නියෝග කළේය.
පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජී . අයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දීම ඔහුට එරෙහිව නගා ඇති චෝදනාවේ.
බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් ජුලි මස 18 දා ඉහත චෝදනා මත පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ අනුව ඔහුව අද දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම පිළිබද පෙත්සම සලකා බැලිම මහාධිකරණ විනිසුරු එම්.එන් මොරායස් මහතා විසින් ලබන 08 දා දක්වා කල් තැබුනි. එදිනට විරෝධා ඉදිරිපත් කිරිමට විත්තියට අවසර ලබා දුන්නේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p