ඇමතිගේ ප්‍රමාදයට ජනතාවගෙන් විරෝධයක්

July 31, 2016

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ,බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයකට පැමිණි දෙමාපියන් පිරිසක් නියමිත වේලාවට අමාත්‍යවරයා නොපැමිණීම හේතුවෙන් ඊයේ(30) එම උත්සවයේ සංවිධායකවරුන්ට සිය අප්‍රසාදය පළ කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ අක්ෂි දුර්වලතා ඇති පාසල් දරුවන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් ඊයේ පෙරවරු 10 ට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතව තිබිණි.

එම උත්සවයේ සංවිධායකයින් ඇස් කණ්නාඩි ලබාදීමට නියමිත පාසල් දරුවන්ට දෙමාපියන්ද සමඟින් පෙරවරු 9 ට ප්‍රථම අදාළ ස්ථානයට පැමිණෙන ලෙස දන්වා තිබේ.

කෙසේ වෙතත්  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා නොමැතිව එම උත්සවය ආරම්භ කළ අතර පසුව අමාත්‍යවරයා පැමිණි පසු සිය කතාවේදී ප්‍රමාද වීම ගැන කණගාටුව පළ කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p