අගමැති හෙට ඉන්දුනීසියා යයි

July 31, 2016

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට(01) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව ඈත.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ලෝක ඉස්ලාම් ආර්ථික සංසදය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සමුළුවට සහභාගී වන බව සඳහන්ය.

ලබන මස 02 වැනිදා සිට 04 වැනිදා දක්වා පැවැත්වෙන සමුළුව සඳහා ශ්‍රී ලංකාව ආරාධනා ලැබු පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙයි.

සමුළුව සඳහා රටවල් 100ක් නියෝජනය කරමින් 2500ක පමණ පිරිස නියෝජිතයින් පිරිසක් සහභාගී වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහිදී විශේෂ දේශනයක් සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

සංචාරය අතර තුර ඉන්දුනීසියානු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැළසුම් කර තිබේ.

මීට අමතරව ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වන මලයාසියානු අග්‍රාමාත්‍යවරයා තජිකිස්ථාන් ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තාවේ..

Sammy

Previous story Next story

Leave a comment

t

o

p