ඩෙංගු පැතිරූ 267 කට නඩු..

July 31, 2016

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත 29, 30 සහ අගොස්තු 01 දින යන දිනයන් හී තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රීයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය කටයුතු යොදා තිබුනි. ඒ අනුව 29 දින මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ආරම්භ විය.

ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රීක්කවල ක‍්‍රීයාත්මක කළ තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ පළමු දින වන 29 පරිශ‍්‍ර 22,140 පරීක්ෂාවට ලක් කරන ලද අතර, එහිදී මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 393 හදුනාගන්නා ලදි. පරිශ‍්‍ර 2890 ක් නිවැරදි කිරීමටත්, 267 කට නඩු පැවැරීමටත්, 1113 කට නොතීසි නිකුත් කිරීමටත් පියවර ගන්නා ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබු විවිධ ව්‍යාපෘති හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීෙමි අඩුවක් දක්නට ලැෙබි. ධුමායන කටයුතු, පරීශ‍්‍ර පවිත‍්‍ර කිරීම, ක්ෂණික විහිදුම් බලකා 14 ක් ස්ථාපනය කිරීම සහ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම එම ව්‍යාපෘති අතර ෙවි. ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බස්නාහිර පළාත පමණක් කේන්ද්‍ර කර ගිනිමින් මෙම තෙදින ඩෙංගු මදුරු වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p