ආයෝජනවලින් ගසාකෑම් නවතන්න රනිල්ගෙන් නව නීති

July 30, 2016

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආයෝජන කරන විදේශීය සමාගම් නිර්දේශ කිරිමේ වගකීම අදාළ රටවල රාජ්‍යයන් වෙත භාරදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ තීරණය ගනු ලැබූවේ රාජපක්ෂ පාලන සමයේ මෙරට මහා පරිමාණ ඉදිකිරිම් සඳහා විදේශ ආයෝජකයන් තෝරා ගැනිමේදී සිදු වූ කොමිස් ගැසීම් හා දුෂණ වළක්වා ගනීමේ පියවරක් වශයෙනි.
චිනය, සිංගප්පූරුව හා ජපානය වැනි රටවල් ශ්‍රී ලංකාවේ කරන ආයෝජන සඳහා පහසුකම් දෙන සමාගම් තිරණය කිරීමේ පළමු පියවර ලෙස මේ ක්‍රමය ඒ රටවල ආයෝජන ඉහත ප්‍රතිපත්තිය යටතේ මුලින්ම ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට උපදෙස් ලබා දුන්නේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p