නාන ඇදුමට මගේ සරාගී පෙනුමක් නැහැ

July 30, 2016

ප්‍රියංකා චොප්රාගේ ඥාති සහෝදරියක වන පරිනීති චොප්රා බොලිවුඩයේ තම අනන්‍යතාව ගොඩ නගා ගත් නිළියක්. 2011 වසරේ Ladies vs Ricky Bahi චිත්‍රපටයෙන් බොලිවුඩයට පැමිණි ඇය එම රංගනයෙන් නැඟි එන නිළිය ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගත්තේ සහය නිළිය ලෙසින් නිර්දේශත නාම අතරටද එක් වෙමින්. මේ වසරේ රෝහිත් ධවාන්ගේ Dishoom චිත්‍රපටයෙන් ඇයගේ අලුත්ම රංගනය දකින්න පුළුවන්.

හැබැයි ක්ෂේත්‍රයට එනවිට තමන්ගේ සිරුර ගැන කොහෙත්ම සෑහිමකට පත් නොවූ බව පරිනීති චොප්රා පවසනවා. ඒ නිසාම වරෙක ඇය නාන ඇඳුමකින් සිටින දර්ශනයක් පවා ප්‍රතික්ෂේප කළා. “නාන ඇදුමට මගේ සරාගී පෙනුමක් නැහැ. සිරුරේ බර අඩු කර ගත්තාම ඒ අවස්ථාවට සූදානම්” එදා ඇය පැවසුවා. “මහත නිළියන්ට කවුරුවත් කැමැති නැහැ” පරිනීති නිතරම පවසනවා.

පසුගිය කාලයම ඇය ඇඟ කෙට්ටුකර ගන්න ගොඩක් මහන්සි වුණා. එහි යම් ප්‍රතිඵලයක් ලැබුණත් තවමත් ඒ ගැන තෘප්තිමත් නැහැ කියලයි ඇය පවසන්නේ. “තවමත් මට මගේ රූපය ගැන ආඩම්බර වෙන්න බැහැ” කියන මතයේ තමයි ඇය සිටින්නේ.

01-01 (1)

Sammy

Previous story Next story

Leave a comment

t

o

p