රත්තරං කිලෝ 12ක පැළඳ ‘රෝද යාත්‍රාවේ‘ යන ඉන්දියාවේ ‘රත්තරං බාබා‘

July 30, 2016

මේ දිනවල කවුරු කවුරුත් කතා වෙන්නේ එකාබද්ධ විපක්ෂෙ පාද ‘යාත්‍රාව‘ සම්බන්ධයෙනි.
ඒවගේම ‘ගමන් යාත්‍රාවේ‘ යන සාමිවරයෙක් ගැන පුවතක් ඉන්දියාවේ මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේය..
බොහෝ දෙනා මොහුව හඳුන්වන්නේ ගෝල්ඩන් බාබා යනුවෙනි.
ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු සෑම අවුරුද්දක් පාසාම ඉන්දියාවේ පැවැත්වෙන කැන්වර් යාත්‍රා නම් පූජනීය උත්සවයට සමගාමිව රත්තරං පැළඳගෙන යාත්‍රාවේ යන බවයි
කිලෝ 12ක පමණ රත්තරං ඔහු සෑම විටම පැළඳගෙන සිටින අතර ඒවායේ වටිනාකම කෝටි 5 වඩා වැඩි බවයි වාර්තාවන්හි සදහන් වන්නේය.
ඔහු පවසන්නේ සිය අනුගාමිකයන්ගෙන් ලැබෙන මුදල් වලින් තමා මෙලෙස රත්තරං මිලදී ගන්නා බවයි
තමා මෙසේ රත්තරං පළඳින්නේ ධනය පෙන්වීමට නොව එය ලක්ෂ්මී දේවියගේ සංකේතයක් නිසා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
දැනට අවුරුදු 24 තිස්සේ ඔහු මෙසේ කැන්වර් යාත්‍රාවේ ගමන් කරන්නේය.
පසුගිය වසරේදී ඔහු සමග යාත්‍රාවේ යාමට 200 ජනකායක් මෙන්ම ආරක්ෂකයන් පිරිසක්ද එක්වී ඇති අතර එම යාත්‍රාවට කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇත.
තමා මියයන තුරාවට මෙසේ කැන්වර් යාත්‍රාවේ යන බව ඔහු පවසා තිබේ.

Image 1 Image 2 Image 3

Sammy

Previous story Next story

Leave a comment

t

o

p