එ.ජා.ප – ශ්‍රී.ල.නී.ප දීගය වසර පහකට යාමට දෙපක්ෂයම සාමාජිකයෝ ලගට යයි

July 29, 2016

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් ලෙස ඇති කර ගත් වසර දෙකක ගිවිසුම වසර පහක් දක්වා දීර්ඝ කිරිමට ගත් තීරණය ඉදිරි සති දෙක ඇතුළත පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනිමට නියමිතය.
යහපාලනය සඳහා වූ ජාතික රජය පස් වසරකට දීර්ඝ කිරිමේ එකඟතාවය එක්සත් ජාතික පක්ෂය විසින් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇත.
රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන සැලසුම් ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය කාලය ගැනීමට යහපාලනය සඳහා වූ ජාතික රජයේ එ.ජා.ප හා ශ්‍රීලනිප එකඟතාවය වසර 05 කට දීර්ඝ කළ බව පක්ෂ දෙකේ මහ ලේකම්වරු පසුගියදා ප්‍රකාශ කළේය.
යහපාලනය සඳහා වූ ජාතික රජය පස් වසරකට දීර්ඝ කිරීමේ එකඟාතව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියද ඉදිරියේදි හිමිවිමට නියමිතය.
ප්‍රධාන පක්ෂ දෙක එකතුවී හැදූ ජාතික රජය මුල් වසරේ ලැබූ ප්‍රගතිය එය වසර පහකට දීර්ඝ කිරිමට හේතු වූ බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p