ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 11 ට නොතීසි

July 29, 2016

අධිකරණ නියෝග නොතකා හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව විරෝධතා පා ගමනක නිරත වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකොලොස් දෙනෙකුට ලබන 02 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නොතීසි නිකුත් කළාය.

දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රංජිත් සොයිසා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රියාණි විජේවික්‍රම, වාසුදේව නානයක්කාර, රෝහිත අබේගුණවර්ධන යනාදි මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව මෙලෙස නොතීසි නිකුත් කරනා ලදි.

හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පා ගමනක් සංවිධානය කළ අතර එම පා ගමනට සෙරමික් හන්දියෙන් එපිටට යාම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබුනි.

එම තහනම් නියෝගය කඩ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කළ බව කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදි.

ඒ අනුව කරුණු විමසිම සදහා මන්ත්‍රීවරුන්ට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා මෙලෙස නොතීසි නිකුත් කළාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p