මානව හිමිකම් පරික්ෂාවට විදේශ විනිසුරුවන්ට ඉඩදිය යුතුද ?

July 28, 2016

| ජනතා හඬ – Tissa Attanayaka | මීට දින කිහිපයකට ප්‍රථම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම් විදේශ විනිසුරුවන්ට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පරික්ෂාවට ඉඩ නොදෙන බවය. මෙම ප්‍රකාශය සමඟම ශ්‍රී ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර මත දෙකක් ඇති බව පැහැදිළි විය.

පශ්චාත් යුධ සමයෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව අමෝරාගත් දැවැන්තම අවිය වූයේ මානව හිමිකම්ය. උතුරු නැගෙනහිර පළාත්වල යුධ සමය තුළ මානව හිමිකම් උල්ලංගනය වූවා යැයි දිගින් දිගටම ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ මට්ටමට යෝජනා අදහස් ඉදිරිපත් කළේය.

එයට හේතුව වූයේ බටහිර රටවල් උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය යුද්ධයෙන් අවසන් කිරිමට ඉඩ නොදීමය. යුද්ධයේ අවසන් කාල පරිච්‍ෙඡ්දයේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුද්ධය නතර කරන ලෙස ශ්‍රී ලංකාවට කරන ලද බලපෑම් අපට තාමත් මතකය. මේ නිසාම රාජපක්ෂ පාලනයට එරෙහිව ජාත්‍යන්තර රටවල් මෙන්ම සංවිධානද මානව හිමිකම් උල්ලංගනය කිරිම පිළිබඳව චෝදනා අපට එල්ල කළේය.

පසුගිය සතියේ මේ පිළිබඳව විශේෂ කතා බහකට ලක්වූයේ ජිනිවා නුවරට රැස්වූ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාව හා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශයකි. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලය වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංගනය වීම පිළිබඳව සොයා බැලීමට විදේශ විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට යෝජනා කෙරිනි. එහි කටයුතු ප්‍රමාදවීම පිළිබඳවද දිගින් දිගටම ජාත්‍යන්තරය අපෙන් කරුණු විමසන බවටද වාර්තාවේ.

කෙසේවුවද මීට දින කිහිපයකට ප්‍රථම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම් විදේශ විනිසුරුවන්ට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පරික්ෂාවට ඉඩ නොදෙන බවය. මෙම ප්‍රකාශය සමඟම ශ්‍රී ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර මත දෙකක් ඇති බව පැහැදිළි විය.

ජනතාවගේ අපේක්ෂාව උතුරු නැගෙනහිර දෙපළාතේ ජනතාවගේ සිත් තව තව පාරමින් එකිනෙකාට චෝදනා කර ගැනීම නොවේ. ත්‍රස්තවාදය කුරිරුය. එය දැන් අවසන් වී තිබේ. දැන් අවශ්‍ය වන්නේ එදා පෑරුණු සිත් යළි එක් කිරීමට හා සමගි කිරීමට ප්‍රයත්න දැරීමය.

එසේ නොකොට ජාත්‍යන්තරය හා මානව හිමිකම් සංවිධාන අපව නටවන්න හදන පදයට අප නැටීම නොවේ. වරදක් සිදු වී ඇත්නම් එය නිවැරදි කර ගැනීම හා විසදා ගැනීම අපටම පුළුවන් බව පෙන්වා දිය යුතුය. එය රටේ දියුණුවට හා තිරසාර සාමයට හේතු වනු ඇත.

තිස්ස අත්තනායක

Sammy

Previous story Next story

Leave a comment

t

o

p