සුදු තරුණිය ලංකාවේ සිගා කෑවේ ඇයි

July 29, 2016

ලෝකයේ රට රටවල සංචාරය කිරිම විනෝදාංශයක් කර ගත් අවුරුදු 24 ක එංගලන්ත තරුණියක ලංකාවේ සංචාරය කිරිමට පැමිණියේ ඉකුත් ජූලි 28 දාය.

ඇය ලංකාවට පැමිණි පසු වැඩිම ඇල්මක් දැක්වූවේ ඇල්ල ප්‍රදේශයේ සිය නිවාඩුව ගත කිරිමටය. ඒ අනුව සුදු ජාතික තරුණිය ඇල්ල හෝටලයේ නතර වූවාය.

ලංකාවට පැමිණෙන විට ඇය සන්තකයේ තිබී ඇත්තේ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 500 ක් පමණය. එය මෙරට ජීවත්වීම සඳහා වන දෛනික වියදමට ප්‍රමාණවත් නොවූ බැවින් ඇය මාර්ගය අසල බිම වාඩි වී ගිටාරය වයමින් ගීත ගායනා කරන්නට වූවාය.
නොසිතු පරිදි ඇයගේ ගීත ගායනයට ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ලැබෙන්නට විනි. තරුණිය සිය දෛනික සිගමන් ආදායම ලෙස රුපියල් 1000 ක පමණ මුදලක් උපයා ගත්තාය.
එන්ගලන්තයේ ඔක්ස්පර්ඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇයගේ පියණන් නිතීඥ වෘත්තීයේ යෙදෙන්නෙකි. සංචාරක වීසා මත පැමිණි අයෙකුට මෙරට නීතිය යටතේ සිගමන් යැදිය නොහැකි බැවින් ඇල්ල පොලීසිය ඇය අත්අඩංගුවට ගත්තාය.
එහිදි තරුණිය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ අනෙක් රටවලදීද මෙලෙස ගීත ගායනා කොට දෛනික වියදම් සඳහා මුදල් උපයා ගන්නා බවය. පසුව පොලීසිය ඇයට කරුණු විස්තර කර දුන් පසු ඇය එය පිළිගෙන ඇත. මේ අනුව පොලීසිය ඇයව මුදා හැර තිබේ.

Lady Forign beger 2 Lady Forign beger

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p