මැතිවරණ ක්‍රමය ගැන දැනුවත් කරන්න සමාජ ජාල වැඩසටහනක්

July 28, 2016

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව මැතිවරණ ක්‍රමය පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොමිසම, සමස්ත ලංකා යෞවන සමාජ සම්මේලනය හා තරුණ සංවිධානයන් සමඟ එක්වී සමාජ ජාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (28) මැතිවරණ කොමිසන් සභාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම වැඩසටහනෙහි අරමුණ දේශපාලඥයන් බිහිකිරීම නොව මැතිවරණය සම්බන්ධයෙන් ඇති අකමැත්ත හා පිළිකුල නැති කොට සෑම දෙනා වෙතම ඡන්ද අයිතිය ලබාදීම අරමුණ බවත් පෙන්වාදුන් සභාපතිවරයා තරුණ ප්‍රජාව දැනුම්වත් කිරීමේ කටයුත්ත සමාජ ජාල හරහා පමණක් නොව පුවත්පත් මාර්ගයෙන් ද සිදු කිරීමට නියමිත බවත් පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p