පාගමන අතරතුර ගිලන් රථයක් නිසා ගැටුම්කාරි තත්ත්වයක්

July 28, 2016

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද(28) පෙරවරුවේ පේරාදෙණිය පාලම අසලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ පන්සලේ ආගමික වතාවත් වලින් පසුව පෙළපාළියට සහභාගී විම සඳහා පිටත්ව ගියේය.

මේ අතර පා ගමන ආරම්භ කිරීමෙන් අනතුරුව ගැටඹේ විහාරස්ථානය අසළදී පුද්ගලික රෝහලකට අයත් ගිලන් රථයක් එම ස්ථානය පසුකර යා‍මට උත්සාහ කිරීමේදී ගැටුම්කාරි තත්ත්වයක් ද ඇති විය.

උද්ඝෝෂකයන් කියා සිටියේ එම ගිලන් රියේ රෝගියකු නොසිටි බවයි. ගිලන් රථයේ දොර විවර කළ ඒකාබද්ධ විපක්ෂයේ ආධාරකරුවන් එහි අයෙකු සිටිනු දැක ඊට පසුව යාමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන අයුරුද දක්නට ලැබිණ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p