ඉන්දියාවේ ගිලන් රථ සේවාව ක්‍රියාත්මකයි

July 28, 2016

මීට අවුරුදු 3ට පෙර ලැම්බෝ ගිනි රේස් තිබූ මෙම ස්ථානය අද ජීවිත බේරාගන්නා මයික්‍රෝ රෝහලක් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ගාලු මුවදොර පිටියේදී පැවසීය.

ඒ ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් මෙරට ක්‍රියාත්මක හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව ආරම්භ කිරීම නිමිත්‍‍තෙන් ගාලු මුවදොරදී අද පෙරවරුවේ පැවැති උත්සවයේදීය.

ගාලු මුවදොර පිටියේ දී එම කටයුතු ආරම්භ කෙරුණේ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර ‍ඊට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සිටියහ.

මේ යටතේ ගිලන් රථ 88ක් සේවාවට එක්වන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 1100කි.

එමෙන්ම මෙම සේවාව හරහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 550 දෙනෙකුට රැකියා අවස්ථා උදාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගිලන් රථ සේවාව ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්‍ මෙසේද කියා සිටියේය.

වසර තුනකට පෙර මෙම ගාලූ මුවෙදාර පිටිය වැලි කොට්ට දමා යොදා ගත්තේ කුමක් සඳහාද? ලැම්බෝගිනි රථ ගණනාවක් මෙතනින් පිටවී වටේ ගිහින් දෙතුන් දෙනෙකු ඊට යටවී තුවාල වී මිය ගියා. රාජපක්ෂ  පාලනය යටතේ නයිට් රේසින් සඳහා යොදාගත් ගාලූ මුවෙදාර පිටියෙන් යහපාලන රජය යටතේ  රට තුළට ක්‍ෂුද්‍ර රෝහලක් අද පිටත්ව යනවා. එම කුඩා රෝහල් රට තුළට පිටව යන්නේ ජීවිත බේරා ගැනීම සදහායි.

නයිට් රේස් පැවැත්වූ ස්ථානයේ තුවාලකරුවන් ළඟම ඇති රෝහලට ගෙන ගොස් දැමීම සඳහා ඒ යුගයේ හෙලිකොප්ටර් පවා නවත්වා තිබුණා. නමුත් ඈත ගම්මානවල හදිසි අනතුරක් සිදුවුවහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? ගසකින් වැටී තුවාල ලැබුවහොත් සිදුවන්නේ කුමක්ද? හදිසියකට ගිලන් රථයක් සොයා ගන්නවත් බැහැ. ගිලන් රථ සොයා ගත්තත් ඒවා හොඳ තත්ත්වයේ නැහැ.

ඉන්දියාවෙන් අපට ප්‍රදානය කර ඇත්තේ ඉතා උසස් තත්ත්වයේ ගිලන් රථ සේවයක්. රෝගියා රෝහලට ගෙනෙන තෙක් ඔහු ජීවත් කරවීම සඳහා අවශ්‍ය වන සියලූම පහසුකම් මෙම ගිලන් රථයේ ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම සෑම ගිලන් රථයකම හදිසි වෛද්‍ය කාර්මිකයෙකු සිටිනවා. අද අප අරඹන්නේ ජීවිත බේරා ගැනීමේ සේවයක්. මෙම සේවය නිසා ජීවිත ගණනාවක් සුරැකෙනවා. ඈත පළාතක රෝහලක සිට නගරයේ රෝහලකට රෝගීන් යවනවා නම් මෙවැනි ගිලන් රථ සේවයක් හරහා ජීවිතවලට සැලසෙන සහනය අපමණයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p