ගුණාත්මක දිවා සුරැකුම් සේවාවක් සදහා මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කරයි

July 28, 2016

ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය හා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සවිස්තරාත්මක ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වූ ජාතික මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කර ඇත. එමගින් වඩ වඩාත් කාන්තාවන් සේවා ස්ථානය වෙත පිවිසීම සහතික කරනු පිණිස, රජය විසින් දිවයින පුරා ගුණාත්මක දිවා සුරැකුම් සේවාවක් තහවුරු කරන බවට සහතික වේ.

ඒ අනුව
1.    දිවයින පුරා පවත්නා මධ්‍යස්ථාන අතර තත්ත්ව නිශ්චිත, ප්‍රමිතිගත කාර්යාවලින් ක්‍රියාත්මක වන බවට සහතික කිරීම.
2.    උසස් ගුණාත්මක භාවයේ, සුරක්‍ෂිත හා සැලකිලිමත් ළමා ආරක්‍ෂණ පහසුකම් හා ළමා ආරක්‍ෂණ සම්පාදකයන් ප්‍රවර්ධනය
3.    ළමා ආරක්‍ෂණ හා සමස්ත ළමාවිය සංවර්ධන අවශ්‍යතා පුද්ගල සංවර්ධන ඉලක්ක හා සමග සපුරාලන හා ඒකායනය කරන බවට සහතික වීම.
4.    නිශ්චිතව දක්වන ලද ප්‍රමිතීන් කරා ළඟාවී වයස අවුරුදු 18 දක්වා වයස් කාණ්ඩවල දරුවන් සඳහා සේවා ලබාදීමට ළමා ආරක්‍ෂණ මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම හා ඒවා පිහිටුවීමට අවශ්‍ය මග පෙන්වීම් සම්පාදනය
ඉලක්ක කර ඈත.
කෙටුම්පත්කරණ ක්‍රියාවලිය තුළ ජාතික මට්ටමේ හා පළාත් සහ දිස්ත්‍රික් මට්ටම්වලින්ද සැකසුණු පුළුල් පරායක විහිදුණු උපදේශන ආයතන ගණනාවක අදහස් ඇතුළත් කෙරිණි: පරිවාස හා ළමාරක්‍ෂණ සේවා අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (ව්ඒධ්ඊඒ), ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, රාජ්‍ය නොවන සංවිධාන (ව්ට්Oඵ), ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (ධ්ව්ට්Oඵ), ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සේවකයන් හා ෙක්‍ෂ්ත්‍රයේ ප්‍රවීණයන් වශයෙනි. මාර්ගෝපදේශ යටතේ, පළාත් පරිවාස කොමසාරිස්වරුන් විසින් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචිය හා නිරීක්‍ෂණය සිදුකරනු ඇත. මාර්ගෝපදේශ තුළ එක් සුරැකුම්කරුවෙකු හට ඇති ළමුන් සංඛ්‍යාව පිළිබඳ අනුපාතය, බඳවා ගැනීමේ ක්‍රියාවලින්, ළමා සුරැකුම්කරුවන් සඳහා වූ අවම සුදුසුකම්, සුරැකුම් මධ්‍යස්ථාන යටිතල පහසුකම්, සුරැකුම්, ඉගෙනීම, කී්‍රඩා ආදිය පනවනු ලබයි. පනවා ඇති ප්‍රමිතීන් සාක්ෂාත් කරගනු පිණිස ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත මෙම මාර්ගෝපදේශ මගින් වසර දෙකක සහන කාලයක් සපයා දෙනු ලබයි.
මෙයට සමාන්තර ක්‍රියාවලියක් තුළ, ළමා දිවා සුරැකුම් සම්පාදනය පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් (NvQ) 4 මට්ටමේ විෂය මාලා කෙටුම්පතක් ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය විසින් වැඩිදියුණු කරනු ලැබ ඇති අතර, ඒවා ළමා සුරැකුම් ක්‍රියාකාරීන් හා මෙම විෂයය පිළිබඳ ඇල්මක් දක්වන්නාවූ අය වෙත කඩිනමින් ලබාදීමට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය හා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (NvQ) සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p