නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරිමේ කටයුතු අගෝස්තුවේ

July 28, 2016

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරිමේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් පසු ආරම්භ කළ හැකි බව එම කමිටුව දැනුම් දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව විසින් පත් කළ උප කමිටු හයේ වාර්තාව ලබන අගෝස්තු පළමුවෙනිදා ඉදිරිපත් කිරිටම නියමිත බවත් එම වාර්තාව පදනම් කර ගනිමින් ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව වාර්තාවක් ඉදිරිපත් කරනා බවත් එම කමිටුවේ ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කරයි.
මෙහෙයුම් කමිටුවේ රැස්විමක්  අද (27) පෙරවරුවේ පැවැත් වි ඇති අතර එහිදි මේ පිළිබඳව සාකච්ඡා වී තබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව යටතේ අධිකරණ, නීතිය හා සාමය, රජය හා මධ්‍යම ආණ්ඩුවේ බලතල, රාජ්‍ය සේවා හා රාජ්‍ය මූල්‍ය, මූලික අයිතිවාසිකම් යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උප කමිටු හයක් පත් කරනා ලදී.
ඔවුන් නිතිපතා රැස්වූ බවත් ව්‍යවස්ථා මණ්ඩලය පත් කළ විද්වතුන් හා සම්පත්දායකයින්ට අමතරව එම කමිටු විසින්ද විද්වතුන්ගේ සහාය ලබා ගෙන එහි කාර්ය භාරය සාර්තක කර ගත් බවද නීල් ඉද්දවල මහතාගේ නිවේදනයේ කරුණු දැක්වේ.
එම උප කමිටුවල වාර්තාවන් අගෝස්තු මස 01 දා මෙහෙයුම් කමිටුවට භාර දෙන අතර මෙහෙයුම් කමිටුව පසුගිය කාලසීමාව මැතිවරණ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව හා බලය විමධ්‍යගත කිරිමේ මූලිකාංග ගැන සාකච්ඡා කරමින් සිටින බවද ඔවුන් දැනුම් දෙයි.
මෙහෙයුම් කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන අතුරු වාර්තාව මත ඇතිවෙන එකඟතාවයන් පදනම් කර ගනිමින් අලූත් ව්‍යවස්ථාවක් කෙටුම්පත කළ හැකි බවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල මහතා සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p