අමුතු කවකටු පෙට්ටිය

July 27, 2016

අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට නව විශේෂාංග සහිත පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි ගණිත උපකරණ කට්ටලය සහිත නවතම කවකටු පෙට්ටියක් නිර්මාණය කිරිමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වන තිසර මධුෂාන් බංඩාර සමත්ව තිබේ.

මිට වසර කිහිපයකට පෙර මුලින්ම ඉලිප්ස අදින කවකටුවක් නිර්මාණය කළ මෙම සිසුවා එම උපකරණය වැඩි දුයුණු කිරිමෙන් වෙළදපළෙහි පවතින සාමාන්‍ය කවකටු පෙට්ටියට වඩා භාවිතයට පහසු ආකාරයේ නව උපකරණ සමග කවකටු පෙට්ටියක් මෙලෙස හදුන්වා දි ඇත.

සිය නවතම නිර්මාණය පිළිබදව අදහස් දක්වන තිසර මධුෂාන් බංඩාර , සාමාන්‍යයෙන් අපට කවකටු පෙට්ටියක දැකගත හැකි සෑම උපකරණයකින්ම ගත හැකි ප්‍ර යෝජන වලට වඩා ඉතා පහසුවෙන් මෙහි පවතින ගණිත උපකරණවලින් ප්‍රයෝජන ලබා ගත හැකිය.

ලෝකයේ පළමු වතාවට කැමති මිනුමක ඉලිප්ස ඇදිමට,ඔනෑම වෘත්තයක් නිර්මාණයට,රෑලක් ලෙස භාවිතයට,බෙදුම් කටුවක් ලෙස,නව කතිර පිහිල්ල සහිත අංශක තුන්සිය හැට කෝණමානය,නව කතිර පිහිල්ල සහිත විහිත චතුරස්‍රය,අවශ්‍යවිට වර්නිය කැලිපරයක් ලෙස භාවිතයට ගැනිම වැනි පහසුව මෙම ගණිත කට්ටලයේ පවතින බව ද සදහන්.

ඒ අනුව වෘත්ත ඉලිප්ස ඇදිමේදි අක්ෂ ගැනිමට වෙනත් රෑලක් අවශ්‍ය නොවේ.

එසේම භාවිතයේදි උල් රහිත නිසා ආරක්ෂිත විම හා පහසු විම වැනි විශේෂතා මෙහි පවතියි.

වසර ගණනක් පවතින සාමාන්‍ය කවකටු පෙට්ටිවලට වඩා මෙය වෙනස්.

2015 වර්ෂයේ පැවති සහසක් නිපැයුම් තරගයෙන් ප්‍රථම ස්තානය මෙම නිර්මාණයට හිමි විය.

අංක 79.ගලේවෙල පාර ,ගල්නෑව යන ලිපිනයේ පදිංචි විසි දෙවන වියේ(22)පසුවන තිසර මධුෂාන් බංඩාරගේ මෙම නව නිර්මාණයට මේවන විටත් පාසල් දු දරුවන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබි තිබේ.

එසේම තමන් ඉදිරියේදි ද රට වෙනුවෙන් නව නිර්මාණ බිහි කිරිමට කටයුතු කරන බවද අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වන තිසර මධුෂාන් බංඩාර සදහන් කර සිටියේය.

(අනුරාධපුර මධ්‍යම සමුහ)

Sammy

Previous story Next story

Leave a comment

t

o

p