කබාලි කියන්නේ කවුද ?

July 27, 2016

ඔබ සිනමා ලෝලියෙක් නම් රජිනි කාන්ත් ගැන නොදන්න විදියක් නැහැ. ජාති, ආගම් භේදයකින් තොරව ලොව පුරා රසිකයන් රජිනිට කැමැතියි. ඔහු රඟපෑ නිර්මාණ මහා අනර්ඝ සම්භාව්‍ය නිර්මාණ කෘති නොවුණත් රසික රසිකාවියන් ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය වාණිජ සිනමා නිර්මාණ වුණා.

වයස අවුරුදු 65ක් වන මෙම මහලු නළුවා තවමත් සුපිරි තරුව කියන බව නැවැත නැවැත ඔප්පු කරන සිනමා පටයක් පසුගියදා නිකුත් වුණා. ඒ කබාලි සිනමා පටය. මෙහිදී අප සංවාදයට බඳුන් කරන්නේ ඒ චිත්‍රපටයේ කතාව ගැන නම් නෙවෙයි. ඔවුන් එම සිනමා පටය කරළියට ගෙන එන්න ක්‍රියාත්මක කළ නවතම අලෙවි උපක්‍රම ගැනයි. සැබැවින්ම කබාලි චිත්‍රපයේ කතාවත් අපට කලින්ම සිතාගත හැකියි. කබාලි යනු වයසක මැර නායකයෙක්.

ඔහු සියලු සතුරන් විනාශ කරලා රසිකයා කුල්මත් කරනවා. එහෙත් මේ හිතාගත හැකි සරල කතාව රසිකයන් අතරට ගෙන එන්න ක්‍රියාත්මක කළේ හිතාගන්න අමාරු අලුත් ප්‍රවර්ධන සංග්‍රාමයක්. කබාලි පූර්ව ප්‍රචාරක පටය මේ අතරෙන් විශේෂයි. එහි දමිළ, හින්දි සහ තවත් භාෂා කිහිපයකින් ඒ ඒ සංස්කෘතියට ගැළපෙන ලෙස හඬකැවූ පූර්ව ප්‍රචාරක පට තියෙනවා. එහි සිංහලයට හඬකැවූ ප්‍රචාරක පටයක්ද යූ ටියුබ් ජාලයේ තිබෙන අතර එයද මේ වන විට ලක්‍ෂ 2කට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියෙනවා. සිංහල පූර්ව ප්‍රචාර පටය හදලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. (මෙය නිල එකක්ද යන්න තහවුරු නැහැ. නමුත් දමිළ සහ හින්දි ප්‍රචාරක පටවල අරුතට සමානයි)

“කවුද යකෝ කබාලි කියන්නේ? එන්න කියාපන්” එක් මැරයෙක් තම සගයන්ට කෑගහලා කියනවා. එවිට මහලු මැර නායක කබාලි සරදම් සිනාවක් පාමින් අභිමානවත් ගමනින් ඉදිරියට එනවා.

“සිංහල සිනමාවේ මෙතැන ලපයක් තියලා, රැවුල කරකවලා, සරම වලාපොට ගහලා රොබින් ප්‍රනාන්දු එහෙම කියපු ගමන් දෙකට නැමිලා. ඔහු මහත්තයා. එහෙම කියන කබාලි වගේ කියලා හිතුවද?” කබාලි (රජිනි කාන්ත්) එහෙම පවසනවා. පූර්ව පටයේ ඇති එම වදන් පෙළම කබාලි නම් චරිතය ගැන හිතාගන්න ලොකු මඟපෙන්වීමක් ප්‍රේක්‍ෂකයාට කරනවා.

කබාලි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයේ යූ ටියුබ් ජාලයට නිකුත් කළේ 2016 මැයි 1 වැනිදා. එය පැය 22ක් ඇතුළත මිලියන පස්වතාවක් නරඹලා තියෙනවා. එය මේ වන විට මිලියන 25කට වැඩි වතාවක් නරඹා තිබෙනවා. මෙය වැඩිම වතාවක් නැරැඹූ ඉන්දියානු පූර්ව ප්‍රචාරක පටය ලෙස සැලකෙනවා. ඊට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඩූම් 3 සහ සල්මන් ඛාන් රඟපාන සුල්තාන් යන චිත්‍රපටවල පූර්ව ප්‍රචාරක පටයි. මෙලෙස වාර්තා රැසකට හිමිකම් කියන කබාලි මේ තරම් ජනප්‍රිය වෙන්න බලපෑව ප්‍රධාන කරුණු පහත පරිදි දක්වන්න පුළුවන්.
පෙර සාර්ථකත්වයෙන් සෑහීමට පත්නොවීම

රජිනි කාන්ත්ගේ සිනමා පටයක් පැමිණෙන්නේ කාලයකින් නිසා එය මොකක් වුණත් වාර්තාගත සිනමා පටයක් වීමේ සම්භාවිතාව 99.99999%යි. ඉන්දියානු සිනමාවේ සිටින ප්‍රමුඛතම ජීවමාන වීරයා වන රජිනි උන්මාදය එදා වගේම අදටත් තිබීම ඊට බලපාන මූලික හේතුවයි. එහෙත් කබාලි චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම සේම රජිනි කාන්ත් පවා පෙර සාර්ථකත්වය සහ දැවැන්ත ප්‍රතිරූපය ගැන ඕනෑවට වඩා විශ්වාසය නොතබා නව චිත්‍රපටය රසිකයන් අතරට ගෙනයන්න ගන්න දැවැන්ත උත්සාහය ඉතා වැදගත්. බොහෝ නිර්මාණකරුවන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන්, ගායකයන්, වැඩසටහන් නිෂ්පාදකයන්, නිවේදකයන්, ලේඛකයන් තමන්ගේ පළමු සහ දෙවැනි නිර්මාණ හෝ වැඩසටහන් හෝ ව්‍යාපාර රසිකයන් සහ පාරිභෝගිකයන් අතරට ගෙනයන්න වෙහෙසිලා වැඩ කරලා එයින් සාර්ථකත්වය ලැබීමෙන් පසුව අනෙක් නිර්මාණ ඔහේ වෙළෙඳපොළට අතහරිනවා.

එහෙම නැත්නම් කරන්නන් වාලේ කරනවා. “මගේ මාර්කට් එක හැදිලා තියෙන්නේ. ඒක නිසා ඉස්සරහට මට ලොකු දේවල් කරන්න ඕනි නැහැ” මෙවැනි මතයක සිටීම උචිත නැහැ. දශක ගණනක් තිස්සේ දමිළ සිනමාවේ දෙවියා ලෙස සලකන රජිනි කාන්ත් සේම චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ඔවුන්ගේ පෙර සාර්ථකත්වයන් ගැන විශ්වාසය නොතබා උඩින් පල්ලෙන් ජනතාවට ළංවන ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් නොකර දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මේ සෑම සාර්ථකත්වයකටම මූලිකව බලපෑව කරුණයි. බැලූ බැල්මට රජිනි රඟපාන සිනමා පටයකට මේ තරම් ප්‍රචාරණයක් අවශ්‍යද කියලා හිතෙන තරමට කබාලි ප්‍රචාරණ ව්‍යාපෘතිය දැවැන්ත වුණා.

අන්න ඒ නිසා ජීවිතයේ අලුතෙන් කරන සෑම වැඩකටම තමන්ගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම ශක්තිය දෙමින් කැප වෙන්න. එවිට වරදින්නේ නැහැ.

ලොව පුරා ප්‍රදර්ශනය සහ ආදායම් වාර්තා

කබාලි චිත්‍රපටය ප්‍රදර්ශනය 2016 ජූලි 22 වැනි සිකුරාදා ලොව පුරා සිනමා ශාලා 10,000 – 12,000ක සමගාමීව ඇරැඹුවා. පළමු දිනය වන විට එය සියලු අංශවලින් ලැබූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 250ක් බව එහි නිෂ්පාදකයා පවසනවා. එසේම දැනට වාර්තා වන ආකාරයට පළමු දිනයේ වැඩිම ආදායමක් ලැබූ ඉන්දියානු චිත්‍රපටය බවට කබාලි සිනමාපටය පත්වෙලා තියෙනවා.

මෙය ඓතිහාසික ආදායම් ලැබීමක් වන අතර ඇමෙරිකාවේ සිනමා ශාලා 400ක චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් විශේෂත්වයක්. අනෙක් අතට එදින තමිල්නාඩුවේ සමාගම් කීපයක් ජූලි 22 වැනි සිකුරාදා නිවාඩු දවසක් බව ප්‍රකාශ කරමින් තම සේවක සේවිකාවන්ට කබාලි නරඹන්න අවස්ථාව ලබාදීමත් ඉතා අපූරු සිද්ධියක්. “ජූලි 22 බොහෝ සේවක සේවිකාවන් බොරු ලෙඩ දාලා හෝ වෙන වෙන හේතු කියලා රැකියාවට එන්නේ නැති බව අපට කලින්ම තේරුණා. ඒක නිසා අපි හැමෝටම නිවාඩු දුන්නා” එක් සමාගමක මානව සම්පත් කළමනාකරුවෙක් චිත්‍රපටය වෙනුවෙන් නිවාඩු දෙන්න බලපෑව ඇත්තම හේතුව එලෙස පැහැදිලි කළා.

සන්නාම සංග්‍රාමය

සැබැවින්ම වාණිජ චිත්‍රපටයක් යනු වෙළෙඳ භාණ්ඩයක්. එසේම එය ප්‍රේක්‍ෂකයාට ෆැන්ටසිමය අත්දැකීමක්. ප්‍රේක්‍ෂකයා සිනමාපටය නරඹලා රැගෙන යන්නේ මතකය පමණයි. ඔහුට භෞතික යමක් හිමිවෙන්නේ නැහැ. එම නිසා වාණිජ චිත්‍රපටයක් ඔස්සේ කිසියම් භාණ්ඩයක් සහ සේවාවක් ප්‍රචාරණය කිරීම ඉතා වාසිදායක බව සමාගම් දන්නවා. චිත්‍රපටය තුළ අමු අමුවේ වෙළෙඳ දැන්වීම් ඔබන්නේ නැතිව නිර්මාණශීලීව එය අන්තර්ගත කිරීම ප්‍රේක්‍ෂකයාගේ රසවින්දනයට බාධාවක් නොවෙනවා සේම එම සන්නමේ ප්‍රචාරණයටත් වාසිදායකයි. සිනමාපටය තුළින් දැවැන්ත සන්නාම ප්‍රචාරණයක් රැගෙන ගිය චිත්‍රපට අතර ජ්ඪටබර ඉඩචඤඥඵ ධට ට්පචර, ඩ්චපපර ර්ථීධපබඥප, බ්චථඥඵ ඕධදඤ, ඊඩඥ ධ්බචතඪචද බ්ධඡ වැනි චිත්‍රපට ප්‍රබලයි.

රජිනි කාන්ත්ගේ කබාලි සිනමාපටය වෙනුවෙන් එයාර් ඒෂියා සමාගම දැවැන්ත ගුවන් යානයක් හැඩගැන්වීම විශේෂත්වයක්. එසේම එම ගුවන් යානයේ යන හැමෝටම ලැබෙන්නේ විශේෂ කබාලි ආහාර වට්ටෝරුවක්. චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර පැවැත්වුණ තරගයෙන් දිනූ රසික රසිකාවියන්ට කබාලි එයාර් ඒෂියා යානයේ නැඟලා රජිනි කාන්ත් සමඟ සිනමා පටයේ පළමු දර්ශනය නරඹන්න යන්න අවස්ථාව උදාවුණා. කබාලි ගුවන් යානයේ කතාවත් සමඟ එයාර් ඒෂියා සමාගමට විශේෂයෙන්ම අන්තර්ජාලය සහ මාධ්‍ය ඔස්සේ හිමිවුණේ දැවැන්ත ප්‍රචාරණයක්. අනෙක් අතට එයාර් ඒෂියා යනු ඉන්දියාවේ සමාගමක් නෙවෙයි.

එය මැලේසියානු ගුවන් සේවා සමාගමක්. තවදුරටත් එයාර්ටෙල් සමාගම විශේෂ පැකේජයක් සහිත සිම් කාඩ්පතක් කබාලි නමින් නිකුත් කළා. තවදුරටත් ඇමේසොන් සමාගම කබාලි ටී ෂර්ට්, මග්, ජංගම දුරකතන කවර ඇතුළු තවත් නිෂ්පාදන රැසක් හඳුන්වා දුන්නා. එසේම ර්භබඩධධබ ජ්ඪදදජධපන සමාගම රජිනි කාන්ත්ගේ රුව සහිත රන් කාසි පවා නිකුත් කළා. මීට අමතරව කබාලි බීම, කබාලි සාරි, කබාලි කේක් ආදී නිෂ්පාදන රැසක් කරළියට ඇවිත් තියෙනවා.

රජිනිගේ ප්‍රතිපත්තිය කඩන්නේ නැතිව රජිනි ප්‍රචාරණයට යොදා ගැනීම

අපි කවුරුත් වැඩිය නොදන්න කරුණක් තියෙනවා. එනම් රජිනි කාන්ත් කිසිම වෙළෙඳ දැන්වීමකට පෙනී ඉඳලා නැහැ. ඔහු මුල් කාලයේ හිටියාද නැද්ද පිළිබඳ තොරතුරු එළිවෙලා නැහැ. නමුත් ඔහු දමිළ සිනමාවේ සුපිරි තරුව යන තත්ත්වයට පත්වීමෙන් පසුව කිසිම රූපවාහිනි වෙළෙඳ දැන්වීමක පෙනී ඉඳලා නැහැ කියන එක පැහැදිලි සත්‍යයක් සහ ප්‍රසිද්ධ කාරණයක්.

එසේම කබාලි චිත්‍රපටය වෙනුවෙන්ද අනුග්‍රහය සපයන කිසිම සමාගමක් වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ නැහැ. ඔවුන්ට කළ හැකි වෙන්නේ චිත්‍රපටයේ දර්ශන සහ පින්තූර යොදාගෙන වක්‍ර ලෙස රජිනි තම වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම පමණයි. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදක එක්වෙලා නිර්මාණය කළ මෙම උපක්‍රමය නිසා රජිනිගේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී නොසිටීමේ ප්‍රතිපත්තියට හානි නොකර ඔහු ප්‍රචාරණයට යොදාගන්න සමාගම්වලට අවස්ථාව දෙන්න හැකි වුණා.

රජිනිගේ හැමෝම නොදත් ජීවන තොරතුරු කිහිපයක්

රිදී තිරයේ කිසිවකුට හිස නමන්නේ නැති, තරහා ගියාම හැමදේම කුඩු පට්ටම් කරන, එක බැල්මෙන් වීදුරු පවා කුඩු කරලා සින් සින් ගාලා ගුටි බැට දෙන වීරයෙක් ලෙස පෙනී ඉන්න රජිනි සැබෑ දිවියේ අතිශය සරල අහිංසක පුද්ගලයෙක් බව ප්‍රකටයි. සාමාන්‍ය දිවියේදී සුදු පාටට හුරු සරල ඇඳුම් අඳින, බයිසිකල් හැඬල් ගිල්ලා වගේ ඉන්නේ නැතිව හමුවෙන රසිකයන්ට අත් දෙක එකතු කරලා වැඳලා ආචාර කරන රජිනිගේ හැසිරීම ඔහු රිදී තිරයේ මවන වීරයාට වඩා අංශක 180කින් වෙනස්. එසේම බොහෝදෙනා ඔහු දේශපාලනයට එයි කියලා බලාපොරොත්තු වුණත් ඔහු පක්‍ෂ දේශපාලනයට තවමත් පිවිසිලා නැහැ. ඉදිරියට එන සේයාවකුත් නැහැ.අනෙක් අතට මාධ්‍ය ඉදිරියේ වචනවලින් වීරයෙක් වෙන්න හදන සන්දර්ශන දාන්නෙත් නැහැ.

“ඔබගේ අතිශය නිහතමානී ස්වභාවය හරිම පුදුමයි. සර් ඔබ මේ තරම් සරලව පොළොවේ පයගහලා ජීවත් වෙන්නේ කොහොමද?” කත්‍රිනා කායිෆ් නම් ජනප්‍රිය හින්දි නිළිය වරක් ඔහුගෙන් අහනවා.

“මම එහෙම නිහතමානීව ඉන්න විශේෂ කිසිම දෙයක් කරන්නේ නැහැ” ඔහු එහෙම කියනවා.

සිගරැට් එක වැඩ දාලා, උඩ දාලා කටට දාගත්තත් අද වන විට ඔහු සිගරැට් බොන්නේ නැහැ. ඔහු ගතකරන්නෙ ඉතාම කැමැති පෙදෙස හිමාලයයි. රජිනි නිතර නිතර හිමාලයේ සංචාරයේ යෙදෙන බව පැවසෙනවා. එසේම ඔහුගේ කැමැතිම විනෝදාංශය පොත් කියැවීම වීමත් තවත් විශේෂත්වයක්. ඉඩක් ලද සෑම විටම පොතක් අතට අරගෙන පාඩුවේ ඊට අවධානයෙන් යොමු වීම ඔහුගේ ප්‍රසිද්ධ නොවුණ අනිවාර්ය ජීවන ලක්‍ෂණයක්. බැන්ග්ලෝ ප්‍රවාහන සේවයේ බස් කොන්‍ෙදාස්තරවරයෙක් ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹූ සිවාජි රාඕ අද වන විට ඉන්දියානු රසිකයන්ගේ හදවතේ රැඳී ඉන්නේ රජිනි කාන්ත් නම් ජීවමාන දෙවියා ලෙසයි.

කැලුම් වැලිගම
පුද්ගල සංවර්ධන දේශක සහ ජීවිතය වෙනස් කරන කතා කෘති පෙළේ කර්තෘ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p