හොලිවුඩ්වල ෂූටින් ගිය ලංකාවේ කෙල්ල

July 27, 2016

තම සිනමා ලෝලීන් වෙනුවෙන් හොලිවුඩ් සිනමා කර්මාන්තය වසරකට සුපිරි ක්‍රියාදාම චරිත සහිත චිත්‍රපට 10ක් වත් නිර්මාණය කරන බව අප බොහෝ දෙනා දන්නා කාරණයක්.

එය ඔවුන්ගේ සිනමා කර්මාන්තයේ උන්නතියට හේතුවක් වන අතරම සිනමා ලෝලීන්ගේ සිනමා රස වින්දන පිපාසය සංසිඳවීමටද රුකුලක් වෙනවා. ලංකාවේ බොහොමයක් දෙනා හොලිවුඩ් සිනමාවේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපට බැලීමට පුරුදු වී සිටින්නේ උන්මාදයෙන් යුතුවයි. මේ වන විට ඒ හොලිවුඩ් සිනමා උන්මාදය පෙර නොවූ විරූ අන්දමේ සංවාදයක් කරා ගමන් කරමින් තිබෙන බවත් පේන්න තියෙනවා. ඒ ශ්‍රී ලාංකික තරුණියක් හොලිවුඩයේ චිත්‍රපටයකට රංගනයෙන් දායකවීම පදනම් කරගෙනයි.

ලබන වසරේ තිරගත වීමට නියමිත ‘Justice League’ නමැති හොලිවුඩ් චිත්‍රපටයට රංගනයෙන් දායක වන මේ ශ්‍රී ලාංකික තරුණිය නමින් ශලිනි පීරිස්. හොලිවුඩයේ Super Hero Comic Hit  චිත්‍රපටයකට රඟපාන්න අවස්ථාව හිමි කරගත් ප්‍රථම ශ්‍රී ලාංකික තරුණිය වූ ශලිනි පීරිස්ගේ උපන් ගම්පළාත වෙන්නේ මහනුවර. ලංකාවේ තියෙන නගරවල් අතරින් මනරම් ස්වාභාවික පරිසරයකට හිමිකම් කියන මහනුවර ප්‍රදේශයේ අති සුන්දරත්වය ශලිනිගේ රූ සපුවෙත් අපූරුවට පිහිටල තියෙනවා. ඉටි රූපයක් වගේ පෙනුමක් ශලිනිට නැති වුණාට ප්‍රේක්‍ෂකයන්ගේ සිත් ඇද බැඳ තබා ගත හැකි සිනමාකරුවන්ට අදාළ ස්වාභාවික ලස්සනක් නම් ඇයට තියෙනවා.

රූපය ලස්සන වූ පමණින්ම සිනමාව තුළ දක්‍ෂයෙක් වීමට හැකි වන්නේ නෑ. සිනමාවට අදාළ චරිත නිරූපණය කිරීමෙහිලා අවශ්‍ය වෘත්තීයමය නිපුණතාවන් වගේම සහජ දක්‍ෂතාව හා කැපවීමයි ඒක අනිවාර්යෙන්ම තිබිය යුතුයි. ශලිනි ලන්ඩනයේ පිහිටි කලා කටයුතු සම්බන්ධ අධ්‍යාපනික පාසලෙන් රංගනවේදී විශේෂ උපාධිය හිමිකර ගෙන ඇති අතර Hampstead Theatre, Theatre Royal Straford East සහ Tamasha  වැනි ලෝකයේ පිළිගත් රංගන ආයතන සමඟත් කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඒ වගේම 2006 වර්ෂයේදී සමාජ මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තු ශලිනි 2008 වර්ෂයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන හා අප්‍රිකානු අධ්‍යයනාංශයෙන් ප්‍රචණ්ඩත්වය, ගැටුම් හා සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියකුත් හිමිකර ගෙන තිබෙනවා. උසස් අධ්‍යාපනික දැනුම් මට්ටමෙන් හා ලොව පිළිගත් රංගන ආයතන සමඟ කටයුතු කර ලබා ගත් ප්‍රායෝගික අත්දැකීම්වලින් පරිපූර්ණ වූ ශලිනිව මේ Justice League චිත්‍රපටයට තෝරා ගෙන තිබෙන්නේ ද මෙම වසරේ මුල පැවැති කුසලතා පරීක්‍ෂණයකින් අනතුරුවයි. ඒ අනුව මෙම චිත්‍රපටය සඳහා තෝරා ගත් ඇයට නිරූපණය කිරීමට සිදු වන්නේ විශේෂ සුරක්‍ෂිතාගාරයකට ඇතුළු වීමට අවසර ඇති සෙබළියකගේ චරිතයකි. මේ අතර ශලිනිට ලංකාවේ පුරවැසිභාවයට අමතරව එංගලන්තයේ හා හොංකොංවල පුරවැසිභාවයත් තිබීම තවත් විශේෂිත කාරණයකි.

හොලිවුඩයේ Super Hero Comic Hit  චිත්‍රපටයකට දායක වූ මැය පිළිබඳ සමාජ ජාල වෙබ් අඩවි තුළින් වගේම සමාජයේ එකිනෙකා අතරත් දැනටමත් විවිධ කතා බහ ගොඩනැඟී හමාරයි. ඒ වගේම හොලිවුඩයේ uper Hero චිත්‍රපටය රඟපාන පළමු ශ්‍රී ලාංකික තරුණිය වූ ශලිනි පීරිස්ගේ රංගන හැකියාවන් සියැසින් අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ 2017දී Justice League චිත්‍රපටය තිරගත වුණායින් පස්සෙ තමයි.

පහන් විජේසේකර

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p