ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට තහනම් නියෝග

July 27, 2016

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(28) පැවැත්වීමට නියමිත ජනසටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.ඒ. මහින්ද මහතා අද(27) තහනම් නියෝගයක් නිකුත් ක‍ළේය.

මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එම්.ඩී.ඩී. නිලංග මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

හෙට (28) දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධාන කර ඇත.

අනිද්දා(29) දිනයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල නගරයේදී තවත් උත්සව ගණනාවක් සංවිධාන කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව, මාවනැල්ල නගරය තුළ මහජන සාමය ආරක්ෂා කිරීම සදහා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය නිකුත් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p