අද සිට A/L උපකාරක පන්ති බෑ

July 27, 2016

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව අගොස්තු 27 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බවයි.

මීට අමතරව උපකාරක පංති සංවිධානය කිරීම, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා ඒවා බෙදාහැරීම මෙන්ම ඒ බව දන්වා පෝස්ටර්, බැනර් අත් පත්‍රිකා මෙන්ම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ඒවා ප්‍රසිද්ධ කිරීම තහනම් බව ද  එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කිසියම් ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මගින් අදාළ නියෝග නොසලකා ක්‍රියා කරන්නේ නම් ඔවුන් හට, ප්‍රසිද්ධ විභාග පනත යටතේ දඩුවම් ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ වැරදි සිදුකරන පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව එම නිවේදනයේ සඳහන්ය.

පොලිස් හදිසී ඇමතුම් අංකය වන 119 හෝ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 19 11 යන අංක වලට ද පැමිණිලි කල හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p