සෝභිත හිමිට ප්‍රතිකාර කළ‍ වෙදුන්ගෙන් ප්‍රශ්න කරන්න සුදානම්

July 26, 2016

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ දී උන්වහන්සේට ප්‍රතිකාර ලබාදුන් රෝහල්වල වෛද්‍යවරු කිහිපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය අද අවසර ලබාදී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙලෙස අවසර ලබාදී ඇත්තේ උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන විශේෂ කමිටුවටය.

එම කමිටුවේ සභාපති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයෙන් කළ ලිඛිත ඉල්ලීමක් අනුව එම නියෝගය ලබාදුන් බව අප වාර්තාකරු පැවසීය.

සෝභිත හිමියන්ට ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර දුන් වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ‍අවසර දෙන්නැයි අදාළ ඉල්ලීම කර තිබූ අතර ඒ අනූව එම වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට අධිකරණය අවසර දී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p