කොළඹ ලෝටස් පාරේ රණවිරු උද්ඝෝෂණය

July 25, 2016

පූර්ණ ආබාධිත තත්ත්වයට පත් හමුදා සාමාජිකයන් පිරිසක් අද උදෑසන කොටුව දුම්රියපල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ සේවා කාලය වසර 12 ට අඩු විවිධ වෛද්‍ය හේතුන් මත විශ‍්‍රාම යාමට සිදුවූ තමන්ට විශ‍්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින්.

කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට පූර්ණ ලෙස ආබාධිත තත්ත්වයට පත්ව සිටින හමුදා සාමාජිකයන් පිරිසක් එක්වී සිටියා. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඔවුන් එහි උපවාසයක් සඳහා තාවකාලික අට්ටාලයක් ඉදිකිරීමට සූදානම් වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ ඊට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉඩ ලබානොදීමයි.

අනතුරුව විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන් පා ගමනින් ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාරදීමට ගමන් කළ අතර ඒ හේතුවෙන් අවට මාර්ග කිහිපයක දැඩි රථවාහන තබදයක් ද හටගත්තා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p