ජනපති අද ඒකාබද්ධ විපක්ෂය හමුවෙයි

July 25, 2016

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙම සාකච්ඡාව සඳහා ආරාධනාකර තිබේ.

ජනාධිපති කාර්යාලයෙන් දුරකථන මාර්ගයෙන් අදාළ දැනුම්දීම සිදු කළ බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසයි.

වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති පාද යාත්‍රාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වනු ඇති බව වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p