ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් 27 වැනිදා දිවයිනට

July 24, 2016

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ලබන 27 වැනිදා  දිවයිනට පැමිණීමට නියමිත  බව මැලේරියා මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මැලේරියා තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කර ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තොර රටක් ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා ඔවුන් පැමිණෙන බවයි.

ලබන 27 වැනිදා සිට සති දෙකක කාලයක් අදාළ විශේෂඥ කණ්ඩායම මෙරට රැඳී සිටිනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p