තමා ගැන පොල් ගෙඩි අකුරින් දැමුවයි ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් මාධ්‍යයට දෝස් මුරයක්

July 21, 2016

මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාවක් ස්වාමීන්වහන්සේ නමකට ලබාදී නැතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශ කළේය.

තමන් හාමුදුරු කෙනෙකුට මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාවක් ලබා දි ඇති බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් පළ වීම නිසා මුළු මහනුවරම කැළó ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

එම කාරණය විමසමින් දිගින් දිගටම තමන්ට දුරකතන ඇමතුම් ලැබෙනා බවද අමාත්‍යවරයා කීවේය. බෞද්ධ රටක් ලෙස ස්වාමීන්වහන්සේලාට මෙහෙම නිග්‍ර කිරිම සුදුසු නැහැ…. මම පවුල් දෙකකට රැකියා ලබා දුන් බවත් සඳහන් වෙනවා…. මම එහෙම රැකියා දීලා නැහැ යනුවෙන්ද ඇමතිවරයා කීවේය.

ර්‍ණ මම ලේඛනය අතේ තියාගෙන කතා කෙරුවේ…. ඕනේ නම් මම ඒ ලේඛනය සභාගත කරන්නම් යැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

සභානායක – නැහැ නැහැ මම එහෙම පත්විමක් කරලා නැහැ. මම ඊයෙත් ඒක කිව්වා. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් අපට උදව් කළ අය ඉන්නවා. අපි ඒ අයට උදව් කරන්න ඕනේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p