හම්බන්තොට වරායෙන් හා ගුවන් තොටුපලින් මහින්ද රාජපක්ෂ ඉවත් කරන්න බැහැ අගමැති කියයි

July 21, 2016

හම්බපන්තොට වරායේ හා මන්තල ගුවන් තොටුපොලෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කිරිමට ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය නායකයන් කළ ඉල්ලීම ඉවත දැමීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය.
චින ආයෝජන යටතේ හම්බන්තොට කර්මාන්ත පුරවරය ආරම්භ කිරිමත් සමඟම එහි ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් ලෙස සැලකෙන වරාය හා ගුවන් තොටුපොළෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශිය දේශපාලඥයෝ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
දකුණු පළාතේත් විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් එක්සත් ජාතික පක්ෂ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලඥයන් කළ ඉහත ඉල්ලීම ඉටු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය කළ විගසම දැනුම් දෙනු ලැබීය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p