රාජ්‍ය ආයතන හතක් විකුණා දමන්න රජය අර අදියි

July 21, 2016

මත්තල මහින්ද රාජපක්‍ෂ ගුවන්තොටුපළ ඇතුළු රාජ්‍ය ආයතන හතක් එකවර විකුණා දැමීමට රජය තීරණය කර තිබේ.
අදාළ විකිණීම් සියල්ල කොටස් වෙළඳපළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුක්තව විකිණීමට ද රජය තීරණය කර ඇත.
මත්තල ගුවන්තොටුපළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිට්ල්, හයිටි රිජන්සි හෝටලය, ඇතුළු පාඩු ලබමින් පවතින රාජ්‍ය ආයතන හතක් මේ ආකාරයට විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇත.
මේ අතර මත්තල ගුවන්තොටුපළ විකිණීමට අදාළ මිල ගණන් සඳහා, ලබන අගෝස්තු 12 දා දක්වා අභිරුචි අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා කර දී තිබෙන බව රජය පවස යි.
මත්තල ගුවන්තොටුපළ තුළ වසරකට ගුවන් මඟීන් ලක්‍ෂ දහයකට පහසුකම් සැලසීමට ධාරිතාවක් තිබෙන නමුත් මේ වන විට එහි පැමිණෙන්නේ දිනකට ගුවන් යානා දෙකක් පමණක් බවත් රජය පෙන්වා දෙයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p