හිටපු මන්ත්‍රීවරිය කොස්ස අතට ගනියි

July 20, 2016

ජීවන බර ඉහළගොස් ඇති  බැවින්, ‍ජනතාවට ලබාදුන් පො‍රොන්දු  ඉටුකිරීමට නොහැකි මේ ආණ්ඩුව කොස්සෙන් ගසා එළවා දැමිය  යුතු බව බියගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන නිමල්කා කොන්තෙවෙල  මහත්මිය පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය ලෙස අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

ඇය එම ප්‍රකාශය මාධ්‍ය හමුවේ සිදුකරද්දී ගෙනැවිත් තිබූ කොස්සක්ද පෙන්වමින් ආණ්ඩුවට එරෙහි සිය අප්‍රසාදය පළකරන අයුරුද දක්නට ලැබිණ.

අද වන විට ගම්වල එක්සත් ජාතික පාක්ෂිකයින් පවා රැකියා නොමැතිව සිටින බවත්, එසේ තිබියදී රැකියා දසලක්ෂයක් ලබාදෙන්නේ කෙසේදැයි ඇය  එහිදී ප්‍රශ්න කළාය.

මේ අතර බැසිල් මේ ආණ්ඩුවට දැන් ප්‍රධාන ගැටලුවක් වී ඇති බවත්, ඔහු ආණ්ඩු පෙරළන චරිතයක් නිසා 28 වැනිදා ‍පා ගමනට පෙර අත්අඩංගුවට ගත් බවද මාධ්‍ය හමුවේදී පා.ම පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

රජයේ මුදල්වලින් නීත්‍යානූකූල පටිපාටියකින් භාණ්ඩ මිලදී ගෙන රජයේම ආයතනවලට ලබාදුන් පමණින් එලෙස ක්‍රියාකළ හැකිදැයි ප්‍රශ්නයක් මතුවන බවද ඇය පෙන්වාදුන්නාය.

තවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පාලන මිලක් පැනවුවද එම මිල ගණන්වලට ඒවා මිලදී ගැනීමට නොමැති බවත්, මෙවන් තත්ත්වයක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ නොතිබූ බව ද ඇය කියා සිටියාය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p